ටෙස්ලා, සිය ඉතිහාසයේ ප්‍රථම වාර්ෂික විකුණුම් පහත වැටීම වාර්තා කරයි

ටෙස්ලා, සිය ඉතිහාසයේ ප්‍රථම වාර්ෂික විකුණුම් පහත වැටීම වාර්තා කරයි

ටෙස්ලා සමාගම සිය ඉතිහාසයේ පළමු වාර්ෂික විකුණුම් පහත වැටීම පිළිබඳව ඊයේ (02) වාර්තා කළා.

ඒ, වැඩිවන තරඟකාරිත්වය සහ විද්‍යුත් වාහන සඳහා වූ මන්දගාමී ඉල්ලුම මෙවන් විකුණුම් පහත වැටීමකට තුඩුදුන් බව පෙන්වා දෙමින්.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ, ටෙස්ලා අලෙවියට වඩා ප්‍රතිවාදී චීනයේ BYD අලෙවිය ඉදිරියෙන් ඇති බවයි.

ඒ අනුව ටෙස්ලා හි පූර්ණ වාර්ෂික අලෙවිය හමුවේ BYD හි වාර්ෂික EV එකතුව 24,000කින් ඉහළ ගොස්, ‘ලොව විශාලතම EV නිෂ්පාදකයා’ යන නාමය රඳවාගෙන ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

2023 වසරට සාපේක්ෂව, ටෙස්ලා හි 2024 වසරේ විකුණුම්, එහි මුළු ආදායමට වඩා 1% කින් පහත වැටී බවත් සඳහන්.

සමාගම එවැනි පහත වැටීමක් වාර්තා කළ පළමු අවස්ථාව මෙය වීම විශේෂයි.

මේ අතර මස්ක්ගේ ටෙස්ලා සමාගමට BYD වැනි චීන ප්‍රතිවාදීන්ගෙන් පමණක් නොව General Motors, Ford, Volkswagen AG සහ කොරියානු හවුල්කරුවන් වන Hyundai සහ Kia වැනි පැරණි ගෝලීය මෝටර් රථ නිෂ්පාදකයින් හමුවේද දැඩි තරඟයක නියැලීමට සිදුව ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

Share This