තුර්කි හෝටලයක ගින්නකින් දස දෙනෙක් මරුට
තුර්කියේ බොලු හි හෝටලයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තවත් 32 දෙනෙකු තුවාල ලබා ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසනවා.
හෝටලයේ ජනේලවලින් පැනීමෙන් දෙදෙනෙකු මිය ගිය බව සඳහන්.
කාර්යබහුල නිවාඩු කාලයක් අතරතුර මහල් 12 කින් යුත් ග්‍රෑන්ඩ් කාර්ටාල් හෝටලයේ මෙම ගින්න හටගෙන ඇති අතර, ගින්න ඇතිවන විට එහි පුද්ගලයින් 234 දෙනෙකු රැඳී සිටි බවයි වාර්තා වන්නේ.
බොලු හි ආණ්ඩුකාර අබ්දුලාසීස් අයඩින් පැවසුවේ හෝටලයේ සිව්වන මහලේ අවන්හල් කොටසේ ගින්න හටගෙන ඉහළ මහල් දක්වා පැතිර ගොස් ඇති බවයි.
කෙසේ වෙතත් ශීත කාලගුණික තත්ත්වයන් සමඟ ගිනි නිවන රථ පැමිණීමට පැයකට වැඩි කාලයක් ගත වූ බව ආණ්ඩුකාරවරයා පවසනවා.
ගලවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුව ඇති අතර අතර, ගින්නට ප්‍රතිචාර දැක්වීම සඳහා හදිසි සේවා නිලධාරීන් 267 දෙනෙකු යොදවා ඇති බවයි අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.