දුම්රිය මාර්ගයේ PUBG සෙල්ලම් කරමින් සිටි යෞවනයන් තිදෙනෙක් දුම්රියට බිලි
දුම්රිය මාර්ගයේ PUBG සෙල්ලම් කරමින් සිටි යෞවනයන් තිදෙනෙකු දුම්රියක ගැටී මියගොස් ඇති පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.
අනතුර සිදුව ඇත්තේ ඉන්දියාවේ බිහාර් ප්රාන්තයේ දී යි.
අදාළ යෞවනයින් තිදෙනාම ඉයර්ෆෝන් පැළඳ සිට ඇති අතර, ජංගම දුරකථන අතැතිව ක්රීඩාවට මුල්තැන දීම නිසාවෙන් වුණු ‘දැඩි නොසැලකිල්ල’ මෙම මරණයන්ට හේතුව ඇති බවයි එරට බලධාරීන් පෙන්වා දෙන්නේ.
අනතුර සිදු වූ වහාම ප්රදේශවාසීන්ගේ දැනුම් දීම මත එහි පැමිණි මියගිය අයගේ පවුල්වල පිරිස් විසින්, දේහයන් හඳුනාගෙන ඇති බව සඳහන්.
මෙම ආසන්නතම සිදුවීමත් සමඟ බලධාරීන් අවධාරණය කර ඇත්තේ, ළමුන්ගේ ජංගම දුරකථන ක්රීඩා පුරුදු සම්බන්ධයෙන් වඩාත් අවදානයෙන් පසුවන ලෙසයි.
සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුවෙමින් පවතින බවත් සඳහන්.