ගුරුවරුන්ට තමන්ගේම පාසල් සිසුන්ට උපකාරක පන්ති පැවැත්වීම තහනම්
බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන් තමන්ගේම පාසල්වල සිසුන් සඳහා ගෙවීමක් සහිත උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
මෙම තහනම අනුව පාසල් වේලාවන් තුළ, පාසලෙන් පසු සහ සති අන්තයේ හෝ රජයේ නිවාඩු දිනවල ගෙවීමක් ලබා ගනිමින් උපකාරක පංති පැවැත්වීම තහනම් වණු ඇති.
බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් කේ.ඒ.ඩී.ආර්. නිශාන්ති ජයසිංහ විසින් අත්සන් කරන ලද චක්‍රලේඛය අධ්‍යාපන අධ්යක්ෂ, ප්‍රාදේශීය අධ්යක්ෂවරුන්, කොට්ඨාශ අධ්‍යාපන අධ්යක්ෂවරුන් සහ පළාතේ සියලුම පාසල් විදුහල්පතිවරුන් වෙත යවා ඇති බව සඳහන්.
එමගින් සියලුම ගුරුවරුන්ට මෙම නව රෙගුලාසි පිළිබඳව දැනුම් දෙන ලෙසත්, ඒවා උල්ලංඝනය කරන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවටත් අනතුරු අඟවා තිබෙනවා.
මෙම ප්‍රතිපත්තිය මුලින් සබරගමුව පළාතේ ක්‍රියාත්මක කරන ලද අතර පසුව මධ්‍යම පළාත විසින් සම්මත කරන ලද අතර පසුව එය බස්නාහිර පළාතට ව්‍යාප්ත කර ඇති බව සඳහන්.