ලෙඩ රෝග රැසකට ගුණදෙන සියඹලා බීම

ලෙඩ රෝග රැසකට ගුණදෙන සියඹලා බීම

නම ඇහුවත් කට ඇඹුල් වෙන ජාතියේ කෑමක් තමයි ”සියඹලා” කියන්නෙ.

රසකාරකයක් හැටියට වඩාත් භාවිතයට ගන්නා සියඹලා, ගුණ රැසකින් පිරුණු ඖෂධීය ශාකයක්.

සියඹලාවල පවතින කෙඳි සහිත ස්වභාවය මළ හොඳින් පිට කිරීමට උපකාරී වෙනවා. ඒ නිසා ම මළ බද්ධයට හොඳ විසඳුමක් සියඹලා.

ඒ විතරක් නෙවෙයි, ආහාර මගින් ශරීරයේ ඇතිවන විස සමඟ මේ කෙඳි එකට බැඳී මහා අන්ත්‍රය ඇතුළත ආරක්ෂා කිරීමට ද උපකාරී වෙනවා.

මහා අන්ත්‍රයේ පිළිකා ඇතිවීම වැළැක්වීමටත් සියඹලා ඉතා ගුණදායක ඖෂධයක්.

මෙවන් ගුණ රැසකින් අනූන සියඹලා, රස ම රස පානයක් හැටියටත් සකසා ගන්න පුළුවන්.

අද අපි ඔබට කියන්නෙ ඒ ගැන…

අවශ්‍ය ද්‍රව්‍ය :

  • සියඹලා
  • ලුණු
  • සීනි
  • ජලය
  • කුරුඳු පොතු සහ එනසාල් කුඩු ස්වල්පයක්

සාදන ආකාරය :

  • හොඳින් ඉදුණු සියඹලා සෝදා ඇට ඉවත් කර හොදින් පොඩිකර ගන්න.
  • පසුව අවශ්‍ය පමණ වතුර දමා පෙරාගන්න.
  • අනතුරුව ඊට ලුණු, සීනි, එනසාල් කුඩු හා කුරුදු කුඩු රස අනුව එකතු කරගන්න.
  • අවසානයේ අයිස් කැට දමා බීමට ගන්න.

 

Share This