සියඹලා ගිනි ගණන්
මිලට දත් හිරිවැටෙයි
මේ වනවිට දේශීය වෙළඳපොළේ සියඹලා හිඟයත් මතුව තිබෙනවා.
ඒ සමඟ සියඹලාවල මිල ගණන් ද බොහෝ සේ ඉහළගොස් ඇති බවයි වෙළෙඳ ප්රජාව සඳහන් කළේ.
හැටන් ප්රදේශයේ සියඹලා කිලෝවක් ( සිල්ලර) අලෙවි වන්නේ රුපියල් 2000.00ක ඉහළ මිලකටයි.
මීට පෙර සියඹලා කිලෝවක් අලෙවි වූයේ රුපියල් 350.00ත් 400.00ත් අතර මිලකට වීමද විශේෂත්වයක්.
කෙසේ වෙතත් මේ වනවිට වෙළෙදපොළේ පවතින හිඟතාව හේතුවෙන් මෙලෙස ඉහළ මිලකට සියඹලා අලෙවි කිරීමට සිදුව ඇති බවයි වෙළෙඳ ප්රජාව පැවසුවේ.
මේ දිනවල සියඹලා ගස්වල අස්වැන්න නොමැති බවත්, මාර්තු මස අග පමණ වන විට සියඹලා ඵලදාව ලබාගන්නා තෙක් මෙම හිඟය පවතින බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියා.