තලේබාන්වරු ‘කාන්තාවන් මිනිසුන් ලෙස නොසලකති’ – මලාලා පවසයි

තලේබාන්වරු ‘කාන්තාවන් මිනිසුන් ලෙස නොසලකති’ – මලාලා පවසයි

ඇෆ්ගනිස්ථානයේ තලේබාන් රජය, එරට සිටින ගැහැණු ළමයින් සහ කාන්තාවන් සඳහා ගන්නා මර්දනකාරී ප්‍රතිපත්තිවලට අභියෝග කරන ලෙස මලාලා යූසෆ්සායි මුස්ලිම් නායකයින්ගෙන් ඉල්ලා තිබෙනවා.

සරලව කිවහොත්, ඇෆ්ගනිස්ථානයේ තලේබාන්වරු, කාන්තාවන් මිනිසුන් ලෙස නොසලකන බවයි ඇය ඉස්ලාමීය රටවල ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනය පිළිබඳ පාකිස්තානය විසින් පවත්වන ලද ජාත්‍යන්තර සමුළුවකදී පවසා ඇත්තේ.

ගැහැණු ළමයින් සහ කාන්තාවන් අධ්‍යාපනයට සහ රැකියාවට ප්‍රවේශ වීම වැළැක්වීම ඇතුළු තලේබාන් ප්‍රතිපත්තිවල “ඉස්ලාමීය කිසිවක්” අඩංගු නොමැති බව මලාලා යූසෆ්සායි එහිදී මුස්ලිම් නායකයින්ට අවධාරණය කර තිබෙනවා.

මේ වනවිට 27 හැවිරිදි මලාලා, ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනය ගැන කතා කිරීම නිසාම ඇය ඉලක්ක කරගත් පකිස්ථාන තලේබාන් තුවක්කුකරුවෙකු හිසට වෙඩි තැබීමෙන් පසු වයස අවුරුදු 15 දී පාකිස්තානයෙන් ඉවත් කෙරුණා.

Share This