T 20 ලෝක කුසලානයේ සුපිරි 8 වටයේ තරග අදින් ඇරැඹෙයි

20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග අද (21) සිට ආරම්භ වනවා. අද (21) සිට මාර්තු 01 වැනිදා දක්වා සුපිරි 8 වටයේ තරග පැවැත්වීමට නියමිතයි. සුපිරි 8 වටයේදී කණ්ඩායම් සියල්ලම කාණ්ඩ දෙකක් යටතේ තරග වදින අතර, පළමු කාණ්ඩයේ ඉන්දියාව, සිම්බාබ්වේ, කොදෙව් හා දකුණු අප්‍රිකා කණ්ඩායම් ද, දෙවැනි කාණ්ඩයේ එංගලන්තය, නවසීලන්තය, පාකිස්ථානය හා ශ්‍රී ලංකාව ද තරග වැදීමට නියමිතයි. සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය හෙට (22) දිනයේ එංගලන්තයට එරෙහිව පැවැත්වෙන අතර, දෙවන තරගය 25 වැනිදා නවසීලන්ත කණ්ඩායම සමඟ ද, තෙවන තරගය 28 වැනිදා පාකිස්ථාන කණ්ඩායම සමඟ ද පැවැත්වීමට නියමිතව තිබෙනවා. අනතුරුව අර්ධ අවසන් වටයේ තරග මාර්තු 04 සහ 05 වැනිදා පැවැත්වෙන අතර, අවසන් මහා තරගය මාර්තු 08 ඉරිදා දිනයේ පැවැත්වීමට නියමිතයි.

Share This