‘ලංකාවේ ලොකුම කේක්’ නිර්මාණය කරමින් ස්වර්ණවාහිනිය වාර්තා පොත අලුත් කරයි

‘ලංකාවේ ලොකුම කේක්’ නිර්මාණය කරමින් ස්වර්ණවාහිනිය වාර්තා පොත අලුත් කරයි

එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය කළ විශාලතම කේක් නිර්මාණය ඉදිරිපත් කරමින් ස්වර්ණවාහිනිය ඊයේ (31) වාර්තාවක් පිහිටවූවා.

කොළඹ වොටර්ස් එජ් පරිශ්‍රයේදී ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් පාසල් කළමනාකරණ ආයතනයේ පූර්ණ සම්පත් දායකත්වය යටතේ මෙම කේක් නිර්මාණය සිදුකරනු ලැබුවා.

එය දිගින් අඩි 42කටත් වඩා වැඩි අගයක් ගත් අතර එහි බර කිලෝ ග්‍රෑම් 850.445ක් වුණා.

“පැලවත්ත බටර්” සහ “මෝතා” නිෂ්පාදන ආයතන මෙම නිර්මාණය සඳහා අනුග්‍රහකයින් ලෙස කටයුතු කළ අතර වොටර්ස් එජ් ආයතනය සිය පරිශ්‍රය ලබාදෙමින් මීට දායකත්වය සැපයුවා.

මෙම කේක් නිර්මාණයේ මූලික අදියරෙහි සිටම නිර්මාණය සිදුකරන වාර්තාවට අදාළ සියල්ල පූර්ණ අධීක්ෂණය කළේ සෙරෙන්ඩිබ් වාර්තා ආයතනය මගින්.

වාර්තාවට අදාළ සියළුම නිර්ණායකයන් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ලංකාවේ විශාලතම කේක් නිර්මාණය බිහිකරමින් වාර්තාව පිහිටවූ බව සෙරෙන්ඩිබ් වාර්තා ආයතනයේ සභාපති වෛද්‍ය ලාල් ඒකනායක මහතා ස්වර්ණවාහිනි නාලිකාවේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී උදාර විජේසිංහ මහතා වෙත අදාළ සහතික පත්‍රය හා පදක්කම් ලබාදුන්නා.

ශ්‍රී ලාංකීක ප්‍රේක්ෂක ජනතාවට කවදත් නවමු අත්දැකීම් තිළිණ කරන ස්වර්ණවාහිනි ආයතනයේ මෙම නව වාර්තාවත් සියල්ලන්ටම අලුත්ම අත්දැකීමක් වුණා.

ඡායාරූප👇🏻

 

Share This