ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ගනේමුල්ල සංජීව නැමැත්තා අධිකරණ විත්ති කූඩුවේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකරුවන් 09 දෙනා ලබන 21 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, ඊට අදාළ නඩුව ස්කයිප් තාක්ෂණය ඔස්සේ කැඳවූ අවස්ථාවේදීයි.
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවන්ට එරෙහි පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජ ලක්මාලි මහත්මිය ඉදිරියේ කැඳවූ බව සඳහන්.
වෙඩි තැබූ රිවෝල්වරය ඇතුළු නඩු භාණ්ඩ විසි පහක් වැඩිදුරු විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයාට යොමු කිරීමටයි නියෝග කෙරුණේ.