කොළඹ නාගරික මන්ත්‍රීනි යූ සඳමාලිට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන්ට ඇප

කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරියක් වන යූ සඳමාලි මහත්මියට හා ඇගේ සැමියාට පහර දුන් බව කියන සිද්ධියට අදාළව හා ආර්.එස් රෝහන නැමැති අයෙකුට පහරදීමටට අදාලව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනකු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඊයේ (18) නියෝග කළේය.
සැකකරුවන් සිව් දෙනාට සෑම මසකම අවසන් ඉරුදින ග්‍රෑන්ඩ්පාස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසටද අධිකරණයෙන් නියම විය.
මන්ත්‍රීනි සඳමාලි මහත්මියට හා ඇගේ සැමියාට පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ජන බලවේගයේ සාමාජිකයන් බව කියන ශාන්ත කුමාර ජයසූරිය, ප්‍රමිත් නිලංග සෙනෙවිරත්න හා ආර්.එස් රෝහණ නැමැති අයෙකුට පහර දුන් බව කියන මන්ත්‍රීනි සඳමාලිගේ සැමියා වන සුමිත් ප්‍රියශාන්ත හා අහමඩ් කබීබ් නමැති සැකකරුවන් සිව් දෙනකු එසේ ඇපමත මුදා හැරුණි.
ග්‍රෑන්පාස් පොලිසියේ 56467 සැරයන් වීරසිංහ විසින් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් සැරයන්වරයා අධිකරණය හමුවේ කියා සිටියේ සිද්ධියේදී පහර කෑමට ලක් වූ බව කියන නාගරික මන්ත්‍රීනී සඳමාලි හා ආර්.එස්.රෝහණ නමැති අයකු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවය.
පසුගියදා කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය තෝරා පත් කර ගැනීමේ සිද්ධියෙන් පසුව කොළඹ වේල්ස් කුමාර ප්‍රදේශයේ පිහිටි මන්ත්‍රීනි සඳමාලි මහත්මියගේ කාර්යාලයක් අසලදී එම පහර දීම සිදුවී ඇති බවට සිදුකළ විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බවද සැරයන්වරයා පැවසීය.
දෙපාර්ශවය අතර කලක පටන් පවතින ආරවුලක් මෙම පහරදීමට හේතුවී ඇතිි බවට කරුණු අනාවරණය වන බවත් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය සිදුකරමින් පවතිනන බවද සැරයන්වරයා.
වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණයට පෙන්වා දුන්නේය. සැකකරුවන් වෙනුවෙන් නීතිඥ මොහොමඩ් ස්මයිල් මහතා ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියහ.
දෙපාර්ශවය දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් සිව් දෙනා එසේ ඇප මත මුදා හැරීමට නියම කළේය.
අකිලා නදීෂානි බණ්ඩාර