ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සැකකාරියක් අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සැකකාරියක් අත්අඩංගුවට

මොරටුව නගරයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සහ එම නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා යොදාගන්නා මුද්‍රණ යන්ත්‍රයක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට මොරටුව පොලිසිය සමත්ව තිබේ.

ඊයේ (14) මෙම වැටලීම සිදුකර තිබූ බැවින් එහිදී රුපියල් 5.000මුදල් නෝට්ටු 10අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එම සැකකාරියගේ නිවසේ තිබූ ව්‍යාජ මුදල් රුපියල් 5,000 නෝට්ටු 25ද රුපියල් 1,000 නෝට්ටු 8 ද රුපියල් 100 නෝට්ටුවක්ද රුපියල් 20 නෝට්ටු 2 පොලිසිය විසින් සොයාගෙන තිබේ.

මොරටුව පොලිසිය වැඩිදුරු විමර්ශන සිදුකරනු ලබයි .

චන්දන ලක්මාල්

Share This