විදේශීය නිෂ්පාදිත දුම්වැටි සහ මත්පැන් බෝතල් තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
රුපියල් කෝටියක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි සහ විස්කි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකුව අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 45 හැවිරිදි සැකකරු, කොළඹ – 14 , වේල්ස් කුමාර වීදියේ පදිංචි අයෙක්. අද අලුයම 03.50 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට , ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ. – 1164 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි මොහු රැගෙන ආ ගමන් මලු 05 ක් තුළ විදේශීය නිෂ්පාදිත නිෂ්පාදිත දුම්වැටි සහ විස්කි තොගය ගුවන් තොටුපොළ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් බව සඳහන්.
මෙම දුම්වැටි සහ මත්පැන් , එළඹෙන උත්සව සමයේ , ශ්රී ලංකාවේ විවිධ පළාත්වල මත්පැන් අලෙවි සැල් වෙත අලෙවි කිරීම සදහා රැගෙන විත් ඇති බව හෙළිව ඇති අතර, සැකකරුව අද මීගමුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.