සුනිල් හඳුන්නෙත්තිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්
තමන් ලෙස හඟවමින් විදේශගත ශ්‍රී ලාංකීකයන්ගේ මුදල් එකතු කිරීමේ ජාවාරමක් සිදු කළ පුද්ගලයෙක් සම්බන්ධයෙන් කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ජපානය, දකුණු කොරියාව සහ එංගලන්තය වැනි රටවල සිටින පිරිසට මෙලෙස ඇමතුම්දී ඇති බවයි, අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
වට්ස්ඇප් සමාජ මාධ්‍යයෙහි ඇති ගෘප් හරහා අදාළ වංචාව සිදු කරන බව ද හඳුනෙත්ති මහතා කියාසිටියා.
වීඩියෝ ඇමතුමක් රැගෙන අසනීපයෙන් පසුවන බවට පවසන බවත් මුදල් ආධාර ලබා දෙන ලෙසට ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා අනාවරණ කළා.
තමන් වෙත ලැබී තිබූ සියලු තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දුන් බවයි, ඔහු කියාසිටියේ.