සමර් සීසන් සමස්ත ලංකා බැඩ්මින්ටන් තරගාවලිය අප්‍රේල් 21 නුවරඑළියේදී

සමර් සීසන් සමස්ත ලංකා බැඩ්මින්ටන් තරගාවලිය අප්‍රේල් 21 නුවරඑළියේදී

මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවනු ලබන ‘සමර් සීසන්’ සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලිය අප්‍රේල් මස 21 වැනිදා සිට 27 දක්වා නුවරඑළිය නගරසභා ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙම තරගාවලිය ජාතික බැඩ්මින්ටන් පළමු මට්ටමේ ශේණිගත කිරීමේ තරගාවලියක් ද වන අතර මේ දිනවල එහි අයැදුම්පත් භාරගැනීම සිදු කරන බව තරග සංවිධායකයින් නිවේදනය කර තිබිණී.

අප්‍රේල් මාසයේ නුවරඑළිය වසන්ත සමය වර්ණවත් කරන ‘සමර් සීසන්’ සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලියට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය යටතේ පැවැත්වෙන අතර, මෙරට ඉහළම මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එක්වීමට නියමිතය.

මෙම තරගාවලිය අවුරුදු 11න් පහළ සිට අවුරුදු 19න් පහළ දක්වා කනිෂ්ඨ තරග අංශයකින්ද, අවුරුදු 30න් ඉහළ සිට අවුරුදු 70න් ඉහළ දක්වා ජ්‍යෙෂ්ඨ තරග අංශයකින් ද සමන්විතය.

තරගාවලියේ ප්‍රධානතම තරග ඉසව්ව වන විවෘත තරග අංශයට කාන්තා හා පිරිමි ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග ඉසව් ඇතුළත්ය. මීට අමතරව කාන්තා හා පිරිමි ඒකල අවසන් පූර්ව තරගවලින් පරාජයට පත්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පළඟ ශුරතා තරග වටයක් ද එක්වී තිබේ.

‘සමර් සීසන්’ සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ සමාරම්භක උත්සවය අප්‍රේල් 21 වැනිදා පෙරවරු 9.00ට පැවැත්වීමෙන් පසුව මූලික වටයේ තරග ඇරැඹේ. තරගාවලියේ 6 වැනි දිනය වන 26 වැනිදා අර්ධ අවසන් පූර්ව සහ අවසන් පූර්ව තරග පැවැත්වෙන අතර, අවසන් මහා තරග සහ සමාප්ති උත්සවය අප්‍රේල් 27 පැවැත්වීමට නියමිතය.

අප්‍රේල් මස 13 වැනිදා වන විට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ශේණිගත කිරීම් අනුව තරගාවලියේ තරග පෙළගැස්ම 16 වැනිදා අංක 2, කේම්බි්‍රජ් ටෙරසය, කොළඹ 7 ස්ථානයේදී සිදු කිරීමට නියමිතය. අයැදුම්පත් බාර ගැනීම අප්‍රේල් මස 10 වැනිදා දහවල් කාලය දක්වා සිදු වන අතර, අයැදුම්පත් යොමුකිරීම අන්තර්ජාලය ඔස්සේ හෝ 0761759017 දුරකතන අංකය මගින් සදීශ ආදිත්‍ය සම්බන්ධ කර ගනිමින් සිදු කළ හැකිය. තරගාවලිය පිළිබඳ සියලු‍ තොරතුරු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ වෙබ් අඩවියේ දක්වා ඇත.

විමුක්ති ලංකා

Share This