මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් තලේබාන් අමාත්‍යවරයෙක් මරුට

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් තලේබාන් අමාත්‍යවරයෙක් මරුට

කාබුල්හි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය තුළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් තලේබාන් සරණාගත අමාත්‍ය ඛලීල් හකානි මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හකානිට මෙම ඉරණම අත්ව ඇත්තේ සිය කාර්යාලයෙන් පිටව යමින් සිටියදී බව සඳහන්.

පිපිරීමෙන් තවත් 6 දෙනෙකු මියගොස් ඇති බවයි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ප්‍රහාරයේ වගකීම අයිඑස් විසින් භාරගෙන ඇති බව සඳහන්.

ඛලීල් හකානි ”හකානි ජාලය” නමින් හැඳින්වෙන තලේබාන් සංවිධානයේ ප්‍රබල කල්ලියේ ප්‍රධාන සාමාජිකයෙකු වූ අතර එක්සත් ජනපදය විසින් ගෝලීය ත්‍රස්තවාදියෙකු ලෙස නම් කරන ලද අයෙකි.

Share This