නේපාලයට ප්‍රබල භූ කම්පනයක්

ඉන්දියාවටත් දැනෙයි

නේපාලයට ප්‍රබල භූ කම්පනයක්

නේපාල දේශසීමාව ආසන්නයේ පිහිටි ටිබෙටයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

එය රික්ටර් මාපකයේ ඒකක 7.1 ක ප්‍රබලත්වයෙන් සටහන්ව තිබු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මෙම භූ කම්පනයෙන් අනතුරුව පසු කම්පන 06ක්ද සිදුව තිබෙනවා.

මෙම කම්පනය බිහාර් සහ ඇසෑම් ඇතුළු උතුරු ඉන්දියාවේ ප්‍රදේශ රැසකටද දැනී තිබුණා.

එම ප්‍රදේශවල ජනතාව මෙම කම්පනයත් සමග සිය නිවාසවලින් පිටතට පැමිණ තිබෙනවා.

නේපාලය පිහිටා ඇත්තේ භූ විද්‍යාත්මකව ක්‍රියාකාරී කලාපයකයි.

ඒ අනුව ඉන්දියානු සහ යුරේසියානු භූ තැටි එකිනෙක ගැටීම හේතුවෙන් නිරන්තරයෙන් මෙලෙස භූ කම්පන සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නා.

භූකම්පනයෙන් සිදුවු වූ ජීවීත හානි හෝ දේපල හානි පිළිබඳ  මෙතෙක් වාර්තා වී නැහැ.

Share This