සොරාගන්නා යතුරුපැදි නවීන ඒවා ලෙස පෙන්වා අලෙවි කරලා

යතුරුපැදියක් සමග ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

සොරාගන්නා යතුරුපැදි නවීන ඒවා ලෙස පෙන්වා අලෙවි කරලා

 

සොරා ගන්නා යතුරුපැදිවලට ව්‍යාජ අංක තහඩු සවිකර ඒවා නවීන යතුරුපැදි ලෙස වෙනස් කර ඉහළ මිල ගණන්වලට අළෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ අනාවරණ වී තිබෙනවා.

මෙම ජාවාරම සිදුකළ බව පැවසෙන ව්‍යාපාරිකයෙකු එවැනිව සකස් කළ යතුරුපැදියක් ද සමගින් පන්නල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සමත්ව තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි පන්නල ප්‍රදේශයේ පදිංචි යතුරුපැදි අලෙවිසැලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙක්.

වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකායට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අදාළ යතුරුපැදිය සහ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස සොයාගත් ව්‍යාජ අංක සහිත යතුරුපැදියේ නීත්‍යානුකූල යතුරුපැදිය පිළියන්දල, දැල්තර ප්‍රදේශයේ පුද්ගලයෙකු සතු බවට අනාවරණය වී ඇති අතර අදාළ ජාවාරම කාලක පටන් පවත්වාගෙන ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති යතුරුපැදි සොරා ගෙන ඒවායේ අංක තහඩු, එංජින් අංක හා චැසි අංක වෙනස් කර මෙම ව්‍යාපාරිකයා විසින් ඉහළ මිල ගණන්වලට අලෙවි කරන බවටද හෙළිදරව් වී තිබෙනවා.

මෙම වැටලීම සඳහා ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගේ ද සහාය ලබා ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Share This