ඡන්දය දවසේ කොටස් වෙළෙඳපොළ කලින් අවසන් වෙයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන මැයි මස 06 වැනිදා කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනුව පස්වරු 12.30ට අවසන් කිරීමට තීරණය කර තිබේ.
දෛනික කොටස් වෙළෙඳපොළෙහි කටයුතු පෙරවරු 09.30 සිට පස්වරු 02.30 දක්වා ක්‍රියාත්මක වේ.
කෙසේ වෙතත් මැතිවරණ පැවැත්වෙන එදින ආයෝජකයින්, කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු අයගේ පහසුව සඳහා 06 වැනිදා නියමිත වේලාවට පෙර එය අවසන් කිරීමට තීරණය කර ඇත.