ගඳ මල මලක්
“මළ මල” ලෙස හඳුන්වන, වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාකයක මල පිපීමට පටන් ගෙන තිබෙනවා.
එහි අධික දුර්ගන්ධය නිසාම මළ මල ලෙසින් නම් ලත් මෙය ඇත්තේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි රාජකීය උද්භිද උද්‍යානයේයි.
ටයිටන් ඇරම් ශාකය නම් මෙම ශාකයේ පිපින මල , වසර කිහිපයකට වරක් පමණක් පිපීන අතර, එය පිපී පැය 24 කින් පසුව පරවී යනවා.
මේ නිසාම මෙම අතිශය දුර්ලභ අවස්ථාව නැරඹීම සඳහා ජනතාව මාර්ගගත ක්‍රමයට අන්තර්ජාලය හරහා එක්වී ඇති බව සඳහන්.
මෙම මළ මල ඔවුන් පුට්රිෂියා ලෙස හඳුන්වන අතර, සජීවී ප්රවාහයේ කතාබස් තුළ අද්විතීය භාෂාවක් පවා ඇති කර ඇති අතර, දහස් ගණනක් “WWTF” හෝ “We Watch the Flower” යනුවෙන් අදහස් දක්වනු දැකිය හැකියි.
පුට්රිෂියා සම්පූර්ණයෙන්ම දිග හැරෙනු දැකීමට දිගු කාලයක් බලා සිටීමට සිදුවන බවයි උද්භිද උද්‍යානයේ නිලධාරීන් පවසා ඇත්තේ.
සජීවී ප්රවාහයට එකවර නරඹන්නන් 8,000 කට වැඩි පිරිසක් එක්වී ඇති අතර,15, 000 ක් දෙනා මල නැරඹීමට උද්භිද උද්‍යානයට පැමිණ ඇති බව උද්‍යානයේ අධ්යක්ෂ ජෝන් සීමන් පවසනවා.
මෙම ටයිටන් ඇරම් ශාකය, අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් උද්භිද උද්‍යානයෙන් ශාකයට වයස අවුරුදු තුනේදී ඔස්ට්‍රේලියාවට ලබා දී ඇති අතර, පසුගිය වසර 07 පුරා මෙම ශාකය ඔස්ට්‍රේලියාවේ සිඩ්නි රාජකීය උද්භිද උද්‍යානයේ වර්ධනය වී තිබෙනවා.