අධිවේගයේ විදුලි රැහැන් සොරකම නැවතීමට STF සහාය ?
කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ විදුලි රැහැන් සොරකම නැවතීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ලබාගැනීමට සැළසුම් කර තිබෙනවා.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් විසින් කාලයක් පුරා සිදුකරමින් යන කටුනායක කොළඹ අධීවේගී මාර්ගයේ විදුලි රැහැන් කැපීම පිලිබඳව අමාත්‍යංශයට ලැබෙන පැමිණිලි සළකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ උපදෙස් පරිදි මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයාගෙන් මේ සඳහා පිළියමක් යොදන ලෙස විශේෂ ඉල්ලීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව මේ සඳහා ගත හැකි කඩිනම් පියවරක් ලෙස මෙම අධිවේගී මාර්ගයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) සංචාරක මුර සේවයක් යෙදවීමට අවශ්‍ය පියවර මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් කඩිනමින් ගනු ඇති බව සඳහන්.
මෙම අධිවේගයේ විදුලි රැහැන් කපාගෙන ගිය අවස්ථාවලදී එම හොරුන්ට දඬුවම් කර කොපමණ අලුත්වැඩියාවන් කළත් නැවත නැවත එයම සිදු වී ඇති අතර රාත්‍රී කාලයේ දී සිදුවන මෙම සොරකම් හේතුවෙන් මාර්ගය භාවිත කරන අය ඇතිවිය හැකි ජීවිත අවදානම හේතුවෙන් බියෙන් පසුවන බවයි වාර්තා වන්නේ.
එයට ද මෙම යෝජිත රාත්‍රී මුර සංචාරක සේවය පිළියමක් වන බවට මහාමාර්ග අමාත්‍යංශය විශ්වාසය පළ කරනවා.
එමෙන්ම මෙම මාර්ගයේ සිදුවන රිය අනතුරුවලදී ද ඒවා කඩිනමින් ඉවත් කර අවශ්‍ය සහය ලබාදිමට එම බලකායේ සහය ලබාදීමට එකඟතාවය පල කර ඇති බව වැඩිදුරටත් සඳහන්.