2024 අංක 36 දරන විදුලිබල පනත යළි සලකා බැලීමට පියවර

2024 අංක 36 දරන විදුලිබල පනත යළි සලකා බැලීමට පියවර

2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ විධිවිධාන 2024.06.27 දින බලාත්මක කර තිබෙනවා.

එම පනතේ විධිවිධාන, යෝජීත ආයතන හා ඒවායේ කාර්යභාරයන් සහ වගකීම එකී පනතින් අපේක්ෂිත අරමුණු සපුරා ගැනීමේලා අපොහොසත් වනු ඇති බවත්, එබැවින් සුරක්ෂිත සහ පිවිතුරු විදුලිබල කේෂේත්‍රයක් ඇති කිරීමේදී විදුලිබල කර්මාන්තයට හා පාරිභෝගිකයින් මත අමතර බරක් පැටවෙන බවත්, විවිධ පාර්ශ්ව විසින් පෙන්වා දී ඇති බව සඳහන්.

එබැවින්, තිරසර සහ සුරක්ෂිත විදුලිබල ක්ෂේත්‍රයක් ස්ථාපිත කිරීම සඳහා උනන්දුවක් දක්වන අදාළ සියලු පාර්ශ්වකරුවන්ගේ අදහස් සැළකිල්ලට ගනිමින්, විදුලිබල පනතේ පරමාර්ථ යළි සලකා බැලීම අත්‍යවශ්‍ය වී තිබෙනවා.

ඒ අනුව 2024 අංක 36 දරන විදුලිබල පනත අධ්‍යයනය කර යෝග්‍ය සංශෝධන සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ප්‍රධාන පාර්ශ්වකරුවන්, විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම සඳහා බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.

Share This