මුද්‍රණය ප්‍රමාද වී ඇති රියදුරු බලපත්‍ර 130,000ක් නිකුත් කිරීමට පියවර
මුද්‍රණය ප්‍රමාදවීම හේතුවෙන් මෙතෙක් කල්, ආයතනය තුළ එක්රැස් වී තිබෙන රියදුරු බලපත්‍ර, මසක් වැනි කාලයක් තුළ මුද්‍රණය කර නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ආයතනය තුළ සේවාවන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පවත්වාගෙන යාමටත් පියවර ගන්නා බවයි විෂයභාර අමාත්‍යවරුන් සඳහන් කර ඇත්තේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර පරිශ්‍රයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින් ප්‍රවාහන, මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන සහ වරාය සහ ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු යන මහත්වරුන් මේ බව අවධාරණය කර තිබෙනවා.
මෙම නිරීක්ෂණ චාරිකාවේදී අමාත්‍යවරුන් ආයතනයේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව සොයා බලා දේපළ, ආයතනය තුල මේ වනවිට ක්‍රියාත්මක වන තාක්ෂණික ක්‍රමවේදයන් වෙනුවට වඩාත් කාර්යක්ෂම සහ නවීන ක්‍රමවේදයන් යොදා ගනිමින්, ආයතනය වඩාත් කාර්යක්ෂම මහජන සේවයක් ලබාදෙන රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීමට පියවර ගන්නා බවට ප්‍රකාශ කර ඇති බව සඳහන්.
එමෙන්ම 2025 වසර අවසන් වනවිට ඓතිහාසික පෙරළියක් සිදුකිරීම අභිනව රජයේ ප්‍රතිපත්ති බවයි ඔවු පවසා ඇත්තේ.
එම අභිලාෂයන් මුදුන්පත් කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත්, මෙතෙක් කලක් ගොඩනැගිලි ඉදිකිරීමෙන් පෙන්වු භෞතික දියුණුව වෙනුවට මානව සම්පත සහ කුසලතා වර්ධනයකර, සේවා ලබාදීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට රජය කටයුතු කරන බවත් එහිදී ඔවුන් අවධාරණය කර තිබෙනවා.
මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ කොමසාරිස් (රියදුරු බලපත්‍ර) වසන්ත ආරියරත්න මහතා ඇතුළු ආයතනයේ ජ්‍යේෂ්ඨ නිලධාරී පිරිසක් සහභාගී වී සිටියා.