දේශබන්දුගේ ආරක්ෂාව වෙනුවෙන් ගත් පියවර

රක්ෂිත බන්ධනාගාරගත කරන ලද දේශබන්දු තෙන්නකෝන්ගේ ආරක්ෂාවට වෙනම ජේලර්වරයකු පත්කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක පැවසීය.
මාතර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් අප්‍රේල් 03 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු දේශබන්දු තෙන්නකෝන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනකුගේ ආරක්ෂාව යටතේ දුම්බර බන්ධනාගාරයට රැගෙන යන ලදි.
එහි රෝහල අසල පිහිටි වෙනම කාමරයක දේශබන්දු රඳවා ඇති අතර, අධිකරණ නියෝග මත ඔහුට දැඩි ආරක්ෂාවක් සපයා තිබේ.
මේ සම්බන්ධයෙන් විමසීමේදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ දකුණේ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ක්‍රියාකාරකම් වැඩි නිසා දේශබන්දු තෙන්නකෝන් මුල් දින රැඳවූ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට නොයැවූ බවයි.
ඊට වඩා වැඩි ආරක්ෂාවක් දුම්බර බන්ධනාගාරයේ සැපයිය හැකි බව ද ඔහු සඳහන් කළේය.
මාතර, පැලෑන වටරවුම ආසන්නයේ පිහිටි ඩබ්ලිව් 15 හෝටලයට වෙඩිතැබීමේ සිදුවීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන්ට චෝදනා 09ක් ගොනුකර ඇති අතර, මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙක් මියගියේය.
ශාලික විමලසේන