ස්ටාර්බක්ස් අවන්හලට ඩොලර් මිලියන 50ක වන්දියක් ගෙවන්න වෙයි

තම ලිංගික ප්‍රදේශයේ දරුණු ලෙස පිළිස්සුම් තුවාල ඇති කළ බව පවසමින් පුද්ගලයෙකු විසින් ලොව ප්‍රමුඛ පෙළේ පාන වර්ග සහ ආහාර සැපයුම්කාර ජාලයක් වන ස්ටාර්බක්ස් අවන්හලට එරෙහිව චෝදනා ගොනුකර තිබේ.
මෙසේ චෝදනා ගොනුකර ඇත්තේ මයිකල් ගාර්ෂියා ය. ඔහු මෙම අවන්හලට පැමිණ කිසියම් උණුසුම් පාන වර්ගයක් ඇණවුම් කර තිබේ. අවන්හල් සේවිකාවක් විසින් ඔහුට එම පානය පිළිගන්වන විට එය ඔහුගේ උකුළ මත වැටී ඇත. එමගින් ඔහුගේ ලිංගික ප්‍රදේශයට දරුණු ලෙස තුවාල සිදු වී තිබේ.
මෙහිදී ගාර්ෂියාට ඩොලර් මිලියන 50 ක වන්දියක් ප්‍රදානය කරන ලෙස එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත ජූරි සභාවක් නියෝග කර ඇත.
ඒ කෝප්පය සුරක්ෂිත ලෙස පාරිභෝගිකයාට ලබාදීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ස්ටාර්බක්ස් 100% ක් වගකිව යුතු බව තහවුරු වීමත් සමගය.
කෙසේ වෙතත් මෙම වන්දි මුදල අඩු කළ යුතු බව පවසමින් අදාල ආයතන තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
සඳුනි තිලකරත්න