ලිංගික අතවර චෝදනා හේතුවෙන්, ජපන් පොප් තරුවක් විශ්‍රාම යයි

ලිංගික අතවර චෝදනා හේතුවෙන්, ජපන් පොප් තරුවක් විශ්‍රාම යයි

ජපානයේ ඉහළම රූපවාහිනී සත්කාරකයෙකු සහ හිටපු පොප් තරුවක් වන මසහිරෝ නකායි, තමන් විශ්‍රාම යන බව නිවේදනය කර තිබෙනවා.

ඒ, රට තුළ විනෝදාස්වාද කර්මාන්තය කළඹා ඇති ලිංගික අතවර චෝදනාවකින් පසුවයි.

නකායි හට චෝදනා එල්ලව ඇත්තේ, 2023 දී කාර්ය මණ්ඩලය විසින් පවත්වන ලද රාත්‍රී භෝජන සංග්‍රහයකදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට වන සිදුවීමක් සම්බන්ධවයි.

විදෙස් වාර්තාවන්ට අනුව, මෙම හේතුව මත නකායි සේවය කළ රූපවාහිනි නාලිකාවෙන් වෙළඳ දැන්වීම් ඉවත් කර ගැනීමට පවා බොහෝ සමාගම් කටයුතු කර තිබෙනවා.

එමෙන්ම අදාළ සිදුවීම මහජන කෝපය උත්සන්න වීමට ද හේතුවක්ව ඇති බැවින් තමන් විශ්‍රාම යන බවයි, මසහිරෝ නකායි නිවේදනය කර ඇත්තේ.

Share This