SSC එකේ අද ගහන පාකිස්ථාන – නැම්බියා තරගයත් නොමිලේ බලන්න චාන්ස් එකක්
පාකිස්ථානය සහ නැමීබියාව අතර කොළඹ ssc ක්රීඩාංගණයේ අද 18 පැවැත්වෙන තරගය නොමිලේ නැරඹීමට ජනතාවට අවස්ථාව ලබා දී තිබේ.
තරගය පස්වරු 3:00ට ආරම්භ වන අතර ක්රීඩාංගණයේ දොරටු දහවල් 1:00ට විවෘත කෙරේ.
අද පැවැත්වෙන තරගය SSC ක්රීඩාංගණයේ ලෝක කුසලාන තරගාවලියකට අදාළව පැවැත්වෙන 5 වැනි තරගය වන අතර මෙවර තරඟාවලිය සඳහා එම ක්රීඩාංගණයේ පැවැත්වෙන අවසාන තරඟය ද වේ.
අද තරගය පාකිස්ථානයට තීරණාත්මක වන බවද නොඅනුමානය. මන්ද ඔවුන් තරඟයේ සුපිරි 8 අදියරේ ස්ථානයක් ලබා ගැනීමට අපේක්ෂා කරයි.
