Srilankan ගුවන් සේවය විශිෂ්ටතමයන් අතරට

 

ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු ගුවන් සේවාවන්ට අදාළ මෙහෙයුම් හා සේවා අවශ්‍යතා සපුරාලීම සිදු කෙරෙන්නේ ශ්‍රී ලන්කන් එයාර්පෝට් ඇන්ඩ් ග්‍රවුන්ඩ් සර්විසස් මගින්. ඒ අනුව ශ්‍රී ලංකා ගුවන්තොටුපල සහ එයාර්පෝට් ඇන්ඩ් ග්‍රවුන්ඩ් සර්විසස් ලොව ප්‍රමුඛතම ස්ථානයකට පැමිණ තිබෙනවා.

ජාත්‍යන්තරව පිළිගත් ආරක්ෂක හා සේවා ප්‍රමිතීන් අනුගමනය කරමින් ගුවන්තොටුපල මෙහෙයුම් කාර්යක්ෂමව සිදු කිරීම මගින් මෙම ස්ථානයට පැමිණීමට හැකි වූ බවයි ගුවන්තොටුපල හා භූමි මෙහෙයුම් ප්‍රධානී දීපාල් පල්ලේගන්ගොඩ පවසන්නේ.

පසුගියදා මෙම කටයුතු පිළිබඳ නිරීක්ෂණය කිරීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව උදා වුණා.

ශ්‍රී ලන්කන් එයාර්පෝට් ඇන්ඩ් ග්‍රවුන්ඩ් සර්විසස් යනු ශ්‍රී ලංකාවේ ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කරන සේවා සම්පාදකයෙක් වනවා.

2025 වසර පමණක් හසුරුවන ලද මුළු ගුවන්මගීන් සංඛ්‍යාව මිලියන 9.9 ඉක්මවනවා.

කාටුනයක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ මසකට හසුරුවන ගුවන්යානා සංඛ්‍යාව 5200 ක්.

එමෙන්ම මසකට හසුරුවන ගමන්මලු සංඛ්‍යාව ලක්ෂ 05 ක් වනවා.

මෙරට ප්‍රධානතම ජාත්‍යන්තර ගුවන්තොටුපලෙහි ප්‍රමුඛතම භූමි මෙහෙයුම් සේවා සපයන්නා ලෙස පූර්ණ සේවා සහ අඩු වියදම් ගුවන් සමාගම්වල යානා මෙන්ම විශේෂ ගුවන්යානා සඳහා ද ශ්‍රී ලන්කන් එයාර්පෝර්ට් ඇන්ඩ් ග්‍රවුන්ඩ් සර්විසස් තම සේවාව ලබා දෙනවා.

Share This