ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 485කට සීමා වෙයි

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 485කට සීමා කිරීමට සංචාරක බංගලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ.
තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 495කි.
එහිදී නායක නජ්මුල් හුසෙන් ශැන්ටෝ ලකුණු 148ක්, මුෂ්ෆිකර් රහිම් ලකුණු 163ක් සහ ලිටන් දාස් ලකුණු 90ක් රැස්කරගත්තහ.
පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු කඩුලු 04ක් තරිඳු රත්නායක, සහ මිලාන් රත්නායක කඩුලු තුන බැගින් දවාගත්තහ.
ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 485ක් පමණි.
එහිදී පැතුම් නිස්සංක ලකුණු 187ක්, කමිඳු මෙන්ඩිස් ලකුණු 87ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 54ක් රැස්කරගත්තහ.
පන්දුයැවීමේදී නයීම් හසන් කඩුලු 05ක් දවාගත්තේය. තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.