ශ්‍රී ලාංකික කරාටේ ශූරයන් දිවයිනට
47 වන නිහෝන් සිකි ජාත්‍යන්තර ඉන්දීය කරාටේ ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 06 ක් සහ රිදී පදක්කම් 01 ක් දිනා ගෙන අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා. මෙම තරගාවලිය ඉකුත් 25 සිට 29 දින දක්වා ලෝකයේ රටවල් 07 ක කරාටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ බැංගලෝර් නුවර දී පවත්වා තිබුණා.එහිදී දෙවෙලපොළ ආනන්ද විද්‍යාලයේ ගෞරී ශෂී ප්‍රභා කාටා සහ කුමිතේ යන අංශ දෙකෙන්ම රන් පදක්කම් දිනා ගෙන , මෙම තරගාවලියේ හොදම ක්‍රීඩිකාව ලෙස තෝරා ගැනුණු බව සඳහන්. එසේම හුණුමුල්ල මහා විද්‍යාලයේ අයෝධ්‍ය හිරුෂාන් ද එම දෙඅංශයෙන්ම රන් පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් වී තිබුණා. මීට අමතරව දෙවෙළපොළ ආනන්ද විද්‍යාලයේ සදෙව් ඉදුවර ක්‍රීඩකයා ද එක් රිදී පදක්කමක් සහ එක් රන් පදක්කමක් දිනා ගෙන තිබුණා. මෙම ක්‍රීඩකයින්ගේ පුහුණුකරු ලෙස කටයුතු කරන ෂිහාන් ප්‍රියන්ත පෙරේරා ද ජ්‍යෙෂ්ඨ අංශය යටතේ තරග කර රන් පදක්කමක් ද දිනා ගැනීමට සමත් වී තිබීම විශේෂත්වයක්.