ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වෙනත් ස්ථානයකට

ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වෙනත් ස්ථානයකට

ඉරානය පවතින යුද වාතාවරණය හේතුවෙන් ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලික වෙනත් ස්ථානයකට ගෙනගොස් ඇති බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාර අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ඒ අනුව පහත දැක්වෙන ලිපිනයෙහි ඒ ස්ථානගත කොට ඇති බව එම අමාත්‍යාංශය පවසයි.

අමිනිවිලා, කොහේ ස්ථාන්, උපවීදිය, ඉමාම කොමෙවීදිය, ඕව්ලොම්මසාල්, රාෂ්ටි.

දුරකතන අංකය +98939 205 5161/ + 98991 205 7522/ + 98936 636 0260 යන දුරකථන වලට ඇමතිය හැකිය.

විද්‍යුත් තැපැල් ලිපිනය [email protected]

ඉරානයෙන් පිටවීමට අපේක්ෂා කරන්න හෝ සහාය අවැසි ඕනෑම ශ්‍රී ලාංකිකයොට ඉහළ දැක්වෙන තොරතුරු මගින් තානාපති කාර්යාලය හා සම්බන්ධ වන ලෙසයි එම අමාත්‍යාංශය පැවසුවේ.

චන්දන ලක්මාල්

Share This