ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි

ආචාර්ය දිලීප විතාරණ මහතා ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඊට අදාළ ලිපිය ප්‍රවාහන අමාත්‍යංශය වෙත යොමු කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මෙම ඉල්ලා අස්වීමට හේතුව මේ දක්වා අනාවරණ වී නැහැ.
විෂය භාර අමාත්‍ය බිමල් රත්නායක මහතා යටතේ පවතින ආයතනවල සභාපති ධුරයෙන් ඉවත් වූ තෙවැනි දිලීප විතාරණ මහතා වීමත් විශේෂත්වයක්.