මහා අන්ත්‍ර සහ සහ ගුද මාර්ග පිළිකා ගැන අනතුරු ඇඟවීමක්

මහා අන්ත්‍ර සහ සහ ගුද මාර්ග පිළිකා ගැන අනතුරු ඇඟවීමක්

කුඩා දරුවන් සහ වැඩිහිටි පිරිස් අතර මහා අන්ත්‍ර සහ සහ ගුද මාර්ග පිළිකා වැළඳීමේ ප්‍රවණතාවය ඉහළ මට්ටමක පවතින බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂකා ශ්‍රීනි අලහපෙරුම පවසයි.

මේ වන විට මෙම රෝගී තත්ත්වය ලෝකයෙන් ශ්‍රී ලංකාවෙත් තුන්වන ස්ථානයට පැමිණ ඇති බවයි.

මෙම මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා මුල් අවස්ථාවේදී හඳුනා ගැනීම සිදුකළහොත් එය වළක්වා ගත හැකි බව ඇය පවසා සිටියේය.

මෙම පිළිකා තත්ත්වය වර්ධනය වීමට බලපාන ප්‍රධාන සාධක ලෙස ඇය සඳහන් කර සිටියේ පෝෂණික ආහාර වේලක් නොගැනීමය.

ක්ෂණික කෑම වෙනුවෙන් තත්තු ඔය ආහාර සහිත පෝෂණය කෑම වේලක් ලබා ගැනීම ඉතා වැදගත් වන බවයි.

වසරකට 1500 ගැහැණු පාර්ශ්වයෙන්ද තවත් 1500 පිරිමි පාර්ශවයෙන්ද මෙම මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා වැළඳීමේ ප්‍රවණතාවය දක්නට ලැබෙන බවයි.

අධික තරබාරු තත්ත්වය සහ දිය වැඩියාව වැනි රෝග තත්ත්වය නිසා මෙම රෝගය වැළඳෙන බවය.

මල පහ සමඟ රුධිරය පිටවීම, වැසිකිළි යාමේ සාමාන්‍ය පුරුදු සති දෙකකට වඩා වෙනස්වීම, මල පහ වෙන ක්‍රමවේදය සහ මලපහවල සංඝටකවල වෙනසක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් සැලකීමත් වි මෙසේ වෛද්‍ය පරීක්ෂණයක් වෙත යොමු වී අදාල රෝගයදැයි තහවුරු කරගන්න ලෙසයි අධ්‍යක්ෂකවරිය පවසා සිටියේ.

සම්බන්ධයෙන් දැනුවත් කිරීම් සිදුකරන බව අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් සඳහන් කළේ.

චන්දන ලක්මාල්

Share This