විසිලක්ෂයේ සංචාරකයා පිළිගන්න ශ්‍රී ලංකාව සූදානමින්

විසිලක්ෂයේ සංචාරකයා පිළිගන්න ශ්‍රී ලංකාව සූදානමින්

මෙම වසර තුළ දිවයිනට පැමිණෙන විසි ලක්ෂයේ විදෙස් සංචාරකයා අද (26) දිනය තුළ පිළිගැනීමට සුදානමින් සිටින බව සංචාරක අමාත්‍යාංශය පවසනවා.

මෙම මාසයේ පළමු දින 22 තුළ පමණක් සංචාරකයන් 161,383ක් දිවයිනට පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කළේ.

ඒ සමඟ දෙසැම්බර් මාසයේදී විදේශීය සංචාරකයන්ගේ පැමිණීම විශාල ලෙස වර්ධනය වී තිබෙනවා.

දෙසැම්බර් 22 වැනි දින මෙරටට එක් දිනක් තුළ වාර්තාගත විදේශීය සංචාරකයන් 10,820 ක පිරිසක් පැමිණ ඇති බව සඳහන්.

එමෙන්ම දෙසැම්බර් 20-22 දක්වා විදේශීය සංචාරකයන්ගේ දෛනික පැමිණීම් අඛණ්ඩව 10,600 ඉක්මවා තිබෙනවා.

ඒ අනුව, මේ වන විට විදේශීය සංචාරකයන්ගේ පැමිණීමේ දෛනික සාමාන්‍යය 7,336ක් දක්වා වර්ධනය වී ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය පෙන්වා දෙන්නේ.

ශීත ඍතුවත් සමග නොවැම්බර් මාසයේ දී විදේශීය සංචාරකයන් 184,168ක් මෙරටට පැමිණ තිබෙනවා.

එය වසරින් වසර (YoY) පදනම මත 22%ක ඉහළ යාමක්.

වසරින් වසර (YTD) පැමිණීම් මේ වන විට මිලියන 1.96 ඉක්මවා තිබෙනවා.

Share This