ශ්‍රී ලංකා පොලීසිය විසින් e-Traffic නම් විශේෂ ජංගම දුරකථන යෙදුමක්

ශ්‍රී ලංකා පොලීසිය විසින් e-Traffic නම් විශේෂ ජංගම දුරකථන යෙදුමක්

ශ්‍රී ලංකා පොලීසිය විසින් e-Traffic නම් විශේෂ ජංගම දුරකථන යෙදුම හඳුන්වා දී තිබෙනවා.
ඒ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩ සටහනට සමගාමීවයි.

පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් එම ජංගම දුරකථන යෙදවුම අද (01) හඳුන්වා දීමට පියවර ගෙන තිබුණා.

මාර්ග ආශ්‍රිතව සිදුවන රථ වාහන වැරදි හා මාර්ග නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව මෙම ජංගම දුරකථන යෙදවුම හරහා මහජනතාවට ක්ෂණිකව පැමිණිලි කළ හැකියි.

මෙම ජංගම දුරකථන යෙදවුම ඔබගේ ජංගම දුරකථනය වෙත පහසුවෙන් බාගත කර ගැනීමට ශ්‍රී ලංකා පොලීසියේ නිල වෙබ් අඩවිය වන www.police.lk ඔස්සේ E-services වෙත පිවිස e-Traffic වෙත පිවිසිය යුතු බවයි පොලීසිය පවසන්නේ.

මෙම ජංගම දුරකථන යෙදුම මගින් ඔබගේ පැමිණිලි ක්ෂණිකව පොලිස් මූලස්ථානය වෙත යොමු කළ හැකි බවද පොලීසිය සඳහන් කරනවා.

දෛනිකව සිදුවන රිය අනතුරු අවම කර ගැනීමට මහජනයාගේ සහාය ලබා ගැනීම මෙම e-Traffic ජංගම දුරකථන යෙදවුම හඳුන්වා දීම මඟින් අපේක්ෂා කෙරෙන අතර, ඡායාරූප සහ වීඩියෝපට මෙම ගිණුම හරහා පොලිස් මූලස්ථානය වෙත යොමු කළ හැකි බව සඳහන්.

Share This