ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නම් කරයි

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නම් කරයි

එක්සත් එමීර් රාජ්‍යයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නම් කර තිබේ.

ඒ කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ, සධීර සමරවික්‍රමටයි.

ළහිරු උදාර, කමිල් මිෂාර, ලසත් කෲස්පුල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු, පසිඳු සූරියබණ්ඩාර, පවන් රත්නායක, සහන් ආරච්චිගේ සොනල් දිනූෂ, දුෂාන් හේමන්ත, තරිඳු රත්නායක, වංජු සහන්, මිලාන් රත්නායක, චමිදු වික්‍රමසිංහ, ඩිල්ෂාන් මධුසංඛ සහ මොහොමඩ් ශිරාස් යන ක්‍රීඩකයෝ මෙම කණ්ඩායම නියෝජනය කරති.

මෙම ක්‍රීඩකයින් හෙට (10) එක්සත් එමීර් රාජ්‍යය බලා පිටත්ව වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක් දැක්වෙයි.

ශ්‍රී ලංකා, ඇෆ්ගනිස්ථාන සහ අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම් සහභාගී වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් අප්‍රේල් සහ මැයි මාසවල අබුඩාබිහිදී පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ, ඇෆ්ගනිස්ථානය ක්‍රිකට් ආයතනය විසිනි.

එහි පළමු තරගය ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර අප්‍රේල් මස 13 වැනිදා පැවැත්වීමට නියමිතයි.

අවසන් තරගය අප්‍රෙල් මස 25 වැනිදා අබුඩාබිහිදී පැවැත්වෙන බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

මේ අතර අප්‍රේල් මස 29 වැනිදා සිට මැයි මස 02 වැනිදා දක්වා ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථාන ‘ඒ’ කණ්ඩායම් සහභාගී වන සිව් දින තරගයක් අබුඩාබිහිදී පැවැත්වෙනු ඇත.

Share This