ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කරයි

ලෝකයේ ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව නම්කර ඇත.
ශ්‍රී ලංකාව අඩුම ත්‍රස්තවාදී රටක් ලෙස ගෝලීය දර්ශකයේ සිය වන ස්ථානය හිමිවී ඇත.
ඒ අනුව ආසියානු කලාපයේ පසුගිය වසර (05) කිසිදු ත්‍රස්ත ප්‍රහාරයක් වාර්තා නොවූ රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇති අතර 2019 වර්ෂයෙන් පසු අඛණ්ඩව ත්‍රස්ත තර්ජන අඩුවී ඇති බව එම වාර්තාව ද පෙන්වා දී ඇත.
ලෝක ජනග්‍රහණයෙන් 99.7%ක් ආවරණය පරිදි රටවල් 163ක් සඳහා ත්‍රස්තවාදයේ බලපෑම් විශ්ලේෂණය කරමින් ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය ප්‍රකාශයට පත් කර ඇත.
2023 පසු මෙම දර්ශකයේ 36 වන ස්ථානයෙන් පසු ශ්‍රී ලංකාව ස්ථාන 64ක් පහතට ගමන් කර ඇති අතර දකුණු ආසියානු කලාපයේ ත්‍රස්ත තර්ජන අඩුම පවතින රටත් ලෙසත් වඩද්දි දියුණුම රට ලෙසද ශ්‍රී ලංකාව ප්‍රකාශයට පත්කර ඇත.
චන්දන ලක්මාල්