ශ්රී ලංකා පළමු ඉනිමට ලකුණු 458යි

සංචාරක බංගලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්රිකට් තරගයේ සිය පළමු ඉනිම සඳහා ශ්රී ලංකාව ලකුණු 458ක් ලබාගැනීමට සමත්විය.
ඒ, බංගලාදේශය ලබාගත් ලකුණු 247ට පිළිතුරු ලෙසිනි.
ඒ අනුව ශ්රී ලංකාව බංගලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 211ක් ඉදිරියෙන් පසුවෙයි.
ශ්රී ලංකාව වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 158ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 93ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 84ක් රැස්කළහ.
පන්දුයැවීමේදී තයිජුල් ස්ලාම් කඩුලු 05ක් සහ නයීම් හසන් කඩුලු 03ක් බිඳහෙළුහ. තරගය පැවැත්වෙන්නේ එස්.එස්.සී ක්රිකට් ක්රීඩාංගණයේදීය.