ශ්‍රී ලංකාව තරගයට අවතීර්ණ වෙයි

සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අද (19) නිමාවට පත්විය.
ඒ වනවිට සිය ප්‍රථම ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04ක් දැවි ලබා සිටින ලකුණු සංඛ්‍යාව 368කි.
ඒ අනුව ඔවුන් බංගලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 127ක් පිටුපසින් පසුවෙති. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 187ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 54ක් රැස්කරගත්තහ.
තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 495කි.
එහිදී නායක නජ්මුල් හුසෙන් ශැන්ටෝ ලකුණු 148ක්, මුෂ්ෆිකර් රහිම් ලකුණු 163ක් සහ ලිටන් දාස් ලකුණු 90ක් රැස්කරගත්තහ.
පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු කඩුලු 04ක් තරිඳු රත්නායක, සහ මිලාන් රත්නායක කඩුලු තුන බැගින් දවාගත්තහ.