මන්ත්‍රී හේෂාගේ ප්‍රකාශයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරු

හේෂා විතානගේ මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශ තරයේ හෙළා දකින බවත්, එය ප්‍රතික්ෂේප කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ඔවුන් මේ බව ප්‍රකාශ කළේ, මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින්.
විසර්ජන පනත් කෙටුම්පත් කාරක සභා විවාද අවස්ථාවට එක්වෙමින් හේෂා විතානගේ මහතා කියා සිටියේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පොලිස්පති දේශබන්දුට මාසික රුපියල් 150,000ක මුදලක් ගෙවා ඇති බවයි.
විධායක කමිටු තීරණයකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුට ලැප්ටොප් පරිගණයක්, ජංගම දුරකතනයක් සහ වෙනත් ප්‍රසාද ලබා දී ඇති බවත් හේෂා විතාන මහතා චෝදනා කළා.
අදාළ ක්‍රියාවලිය අල්ලසක් සලකන බැවින් මේ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ නිලධාරින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි, මන්ත්‍රීවරයා කියාසිටියේ.
මෙම චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය, පදනම් විරහිත සහ කිසිදු සත්‍ය පදනමකින් තොර බව ශ්‍රී ලංකා ආයතනය තරයේ ප්‍රකාශ කර සිටිනවා.