ජපන් ජාතිකයන් වංචාවලට හසුකර ගන්නා ලාංකීය සමාගමක් ගැන හෙළිදරව්වක්

ජපන් ජාතිකයන් වංචාවලට හසුකර ගන්නා ලාංකීය සමාගමක් ගැන හෙළිදරව්වක්

ජපන් ජාතික ආයෝජකයන් ඉලක්ක කරගනිමින් කොළඹ සිට සිදු කරනු ලබන වංචනික ආයතනයක් සම්බන්ධයෙන් කියෝඩෝ පුවත් සේවය අනාවරණයක් සිදු කර තිබෙනවා.

ඔවුන් තොරතුරු තාක්ෂණ සමාගමක් ලෙස පෙනී සිටිමින් අදාළ වංචනික කටයුත්තෙහි නියැලෙන බව සඳහන්.

ඒ සඳහා ජපන් බස කතා කළ හැකි ශ්‍රී ලාංකීකයන් 100ක අධික පිරිසක් බඳවා ගෙන සිටින බවයි, අදාළ පුවත් සේවය හෙළි කර ඇත්තේ.

තොරතුරු තාක්ෂණ සමාගමක් යැයි පවසන එම සංවිධානයේ එකඳු ජපන් ජාතිකයකුවත් සේවය නොකරන බව සඳහන්.

මේ සම්බන්ධයෙන් අදාළ සමාගමේ කෙටි කලක් සේවය කළ අයෙක් ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් උපුටා දක්වමින් කියෝඩෝ පුවත් සේවය මෙම හෙළිදරව්ව සිදු කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Share This