ශ්‍රී ලංකා A කණ්ඩායම තුන්කොන් ගැටුමකට සූදානම් වෙයි

ශ්‍රී ලංකා, ඇෆ්ගනිස්ථාන සහ අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම් සහභාගී වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් අප්‍රේල් සහ මැයි මාසවල අබුඩාබිහිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙම තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ, ඇෆ්ගනිස්ථානය ක්‍රිකට් ආයතනය විසින්.
එහි පළමු තරගය ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර අප්‍රේල් මස 13 වැනිදා පැවැත්වීමට නියමිතයි.
අවසන් තරගය අප්‍රෙල් මස 25 වැනිදා අබුඩාබිහිදී පැවැත්වෙන බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.
මේ අතර අප්‍රේල් මස 29 වැනිදා සිට මැයි මස 02 වැනිදා දක්වා ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථාන ‘ඒ’ කණ්ඩායම් සහභාගී වන සිව් දින තරගයක් අබුඩාබිහිදී පැවැත්වෙනු ඇති.