ශ්‍රී ලංකා A කණ්ඩායමට ලකුණු 201ක ඉලක්කයක්

අයර්ලන්ත ඒ කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගයෙන් ජයගැනීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට ලකුණු 201ක ඉලක්කයක් හිමිව තිබේ.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 47.3ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 200කි.
එහිදී මෝර්ගන් ටොපිං ලකුණු 73ක් සහ තෝමස් මෙයිස් ලකුණු 36ක් රැස්කර ගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී තරිඳු රත්නායක කඩුලු 04ක් සහ මිලාන් රත්නායක් කඩුලු 03ක් දවාගත්තහ.