ක්‍රීඩා ලෝලීන් ට්‍රම්ප්ට හූ තබයි

අමෙරිකාවේ නිව් ජර්සි හි මෙට්ලයිෆ් ක්‍රීඩාංගණයේ පැවැති පාපන්දු සමාජ ලෝක කුසලාන (Club World Cup) අවසාන තරගයට පැමිණි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රේක්ෂකයින්ගෙන් හූ හඬ මුසු විරෝධයක් එල්ල වී ඇති බව වාර්තා වේ.
ලෝක ශූර කණ්ඩායමක් තෝරා ගැනීම ඉලක්ක කරගෙන පැවති මේ තරගාවලියේ අවසාන තරගය පස්වරු 3.00 ට ආරම්භ විය. තරඟාවලියට පැමිණි ජනපතිගේ මෝටර් රථ පෙරහැර නතර වූයේ ක්‍රීඩකයින් ක්‍රීඩාංගණයට ඇතුළු වන ස්ථානයට යාබදව පිහිටි විශේෂ ඇතුළු වීමේ දොරටුව අසලය. එහිදී ක්‍රීඩා ලෝලීන් ට්‍රම්ප්ව පිළිගත්තේ මහ හඬින් හූ හඬ නගමිනි. ට්‍රම්ප් මුහුණ දුන් මෙම සිදුවීම තරගාවලිය පුරාම ප්‍රධාන මාතෘකාව බවට පත්වූයේ දැඩි උණුසුම මධ්‍යයේය.
ක්‍රීඩා ලෝලීන් ට්‍රම්ප්ට එරෙහි විරෝධය දැක්වූයේ ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්ති, ක්‍රීඩා සම්බන්ධ ප්‍රකාශ සහ පසුගිය දේශපාලන තීරණවලට විරුද්ධව යැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
සඳුනි තිලකරත්න