අවුරුද්දට විශේෂ දුම්රිය සේවාවන්

අවුරුද්දට විශේෂ දුම්රිය සේවාවන්

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට පහසුව සඳහා 11 වැනිදා සිට අදියර දෙකක් යටතේ විශේෂ දුම්රියක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව 11,12 සහ 13 දිනවල කොළඹ සිට බදුල්ල අනුරාධපුර ගාල්ල නුවර සහ බෙලිඅත්ත යන ප්‍රදේශ සඳහා මෙම විශේෂ දුම්රිය යෙදවීමට පියවර ගෙන ඇත.

අවුරුදු චාරිත්‍රය අවසන් කර යළි කොළඹ බලා පැමිණෙන ජනතාව වෙනුවෙන් 18, 19 සහ 20 යන දිනයන්දී ද මෙම විශේෂ දුම්රිය ක්‍රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

චන්දන ලක්මාල්

Share This