අද සිට කොළඹ නගරයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්
අද (31) සිට ලබන 02 වැනි දා දක්වා කොළඹ නගරයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.
පොලිස් නිලධාරීන් 6000කට අධික පිරිසක් ආරක්ෂක කටයුතු සඳහා යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසුවේ.
පොලිස් නිලධාරීන්ට අමතරව රාජ්‍ය බුද්ධි නිලධාරීන් ද මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල සඳහා යොදවා තිබෙනවා.
නව වසරේ උදාවත් සමග ජනතාව කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල වැඩි වශයෙන් ගැවසීම සිදුවන බැවින් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා මේ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙනු ඇති.