දන්සැල් සංවිධානය කරන අයට විශේෂ දැනුම්දීමක්

දන්සැල් සංවිධානය කරන අයට විශේෂ දැනුම්දීමක්

පොසොන් සතියේදී පැවැත්වීමට නියමිත සියලු දන්සැල් ලබන 07 වැනිදාටපෙර ලියාපදංචි කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

දන්සල් පැවැත්වීමට නියමිත ස්ථානයට ආසන්න සෞඛ්‍ය නිලධාරි කාර්යාලයෙන් අදාළ ලියාපදිංචි කිරීම් සිදු කළ හැකි බව එම සංගමය සඳහන් කරයි.

රටපුරා පවතින වැසි තත්ත්වය හේතුවෙන් දන්සැල් මගින් බෝවන රෝග පැතිරයාම පාලනය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ උපදෙස් ද එම නිලධාරින් විසින් ලබාදීම සැලැසුම් කර ඇත.

එමෙන්ම ලියාපදිංචියෙන් තොරව පවත්වන දන්සැල් තහනම් කිරීමට පියවර ගන්නා බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා කීය.

අනුරාධපුරය, මිහින්තලය, පොළොන්නරුව, කුරුණෑගල සහ කොළඹ ඇතුළු තදාසන්න නගරවලදී දන්සැල් විශාල ප්‍රමාණයක් සංවිධාන කර තිබේ.

ඒ ඇතුළු රටපුරාම පැවැත්වෙන සියලුම දන්සැල් පරීක්ෂා කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යොදවන බව ද ලේකම්වරයා වැඩිදුටත් පැවසීය.

Share This