ඊශ්‍රායලයේ සිටින ලාංකීකයන්ට විශේෂ දැනුම්දීමක්

ඕනෑම අවස්ථාවකදී ඊශ්‍රාලයෙන් පිටවීම සඳහා ශ්‍රී ලාංකිකයින්ට පහසුකම් සැලසීමට සූදානම් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසා සිටියේය.
සිය මුහුණු පොතේ සටහනක් තබමින් නිවේදනයක් කර ඇත්තේ ඊයේ දිනයේ පමණක් 04 දෙනෙකු ශ්‍රී ලංකාව බලා පිටත්වීමට සූදානම් කර බවයි.
ඉන් එක් අයෙකු නිවාඩු ගත කර නැවත පැමිණීමට බලාපොරොත්තුවෙන් පසුවන අතර අනිත් 03 එවැනි අපේක්ෂාවක් නොමැති බව සඳහන් කළේය.
අද දිනයේ ඊශ්‍රාලයේ නිවාඩු දිනයක් බැවින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘතව පවතින බවද ඔහු මූණු පොතේ සඳහන් කර ඇත.
චන්දන ලක්මාල්