දේශීය සංචාරකයන්ට විශේෂ දැනුම්දීමක්

දේශීය සංචාරකයන්ට විශේෂ දැනුම්දීමක්

ජීවිත ආරක්ෂාව, පරිසරයේ ආරක්ෂාව සහ සංචාරක ස්ථානයේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන ලෙසට දේශීය සංචාරකයන්ගේ විෂය භාර නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතා පවසනවා.

විදේශී සංචාරකයන්ට ද බාධා නොවන අයුරින් නිවාඩු සමය ගත කරන ලෙසයි ඔහු ඔවුන්ගෙන් ඉල්ලීමක් කළේ.

මේ වනවිට විදෙස් සංචාරකයින් ලක්ෂ දෙකකට අධික පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරයේ නිතර වනවා.

එමෙන්ම දේශීය සංචාරකයින් ද වර්ෂ අවසානයේ නිවාඩු සමය ගත කිරීම සඳහා සංචාරක ස්ථාන කරා පැමිණීම ඉහළ ගොස් ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ හේතුවෙන් එම ස්ථානවල අධික තදබදයක් ඇති බව ද වාර්තා වනවා.

Share This