පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

තම නිල ෆේස්බුක් පිටුවේ අදහස් දැක්වීමේදී අපහාසාත්මක හෝ අසභ්‍ය භාෂාව භාවිතා කරන පුද්ගලයින් එරෙහිව පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේය.
පොලිසිය සිය නිල ෆේස්බුක් ගිණුමේ සඳහන් කර ඇත්තේ පුද්ගලයින් දක්වන අදහස් විවේචන ආදිය නිරතුරුව සවන්දෙමින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන බවත් අදහස් ප්‍රකාශ කිරීමේදී සැමවිටම සභ්‍ය ලෙස ප්‍රකාශ කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවයි.
එසේ කටයුතු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද අදාල නිවේදනයේද සඳහන්ව ඇත.
චන්දන ලක්මාල්